ව්‍යවස්ථා වෙනසකට අවධානය යොමු කරනවා - ඩිලාන් පෙරේරා

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි: පක්ෂයේ ව්‍යවස්ථා වෙනසකට අවධානය

by Hashini De Mel 02-11-2018 | 7:11 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී දේශපාලනමය වශයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට බඳුන්වී තිබේ.

මධ්‍යම කාරක සභාව ඊයේ පැවැත්වුනේ ජනාධිපති නිල නිවසේදීය. එම හමුවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පක්ෂයේ ව්‍යවස්ථා වෙනසකට අවධානය යොමු කරන බව පැවසුවේ ය.