බොලිවුඩයේ සුපිරි තරුව අද සිය 53 වන උපන් දිනය සමරයි

බොලිවුඩයේ සුපිරි තරුව අද සිය 53 වන උපන් දිනය සමරයි

by Staff writer 02-11-2018 | 12:20 PM

කින්ග් ඛාන් හෙවත් බොලිවුඩයේ සුපිරි තරුව වන ෂාරුක් ඛාන් අද සිය 53 වැනි උපන් දිනය සමරයි.

1992 වසරේ ෂාරුක් බොලිවුඩ් සිනමාවට පා තබන්නේ දිවානා සිනමා පටයෙනි. එම සිනමා පටයේ රංගනය වෙනුවෙන් හොඳම නැගී එන නළුවාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවේ ය. මේ වන විට ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වී ඇති සිනමා පට සංඛ්‍යාව 80 කි. විවිධ භූමිකාවන් ඔස්සේ බොලිවුඩය වර්ණවත් කරන ෂාරුක් ඛාන් ලොව වැඩිම ආදායමක් උපයන නළුවන්ගේ ලැයිස්තුවේ 6 වැනි ස්ථානයේ පසුවනු ඇත. රංගන ශිල්පියෙකුට අමතරව චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ලෙස ඔහු නිර්මාණය කර ඇති සිනමාපට සංඛ්‍යාව 20 ට ආසන්නය. 90 දශකයේ මෙන් ම අදටත් ඉන්දියාවේ සුපිරි තරුවට හිමි කිරුළ තවමත් ඔහු සතු වේ.