නීතිපතිට STF ආරක්ෂාව....

නීතිපතිට STF ආරක්ෂාව....

by Staff writer 02-11-2018 | 6:00 PM
COLOMBO (News 1st) : නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, තම ආරක්ෂාව තර කරන්නැයි, නීතිපතිවරයා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙලෙස ආරක්ෂාව ලබා දී ඇති බවයි. ඒ අනුව ඊයේ පස්වරු 6 සිට විශේෂ කාර්ය බලකායේ සෙබළුන් නීතිපතිවරයා, එහි නිලධාරීන් සහ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ආරක්ෂාවට යොදවා ඇති බව ද එම නිලධාරියා පැවසී ය.