ජනපති සහ එජා මහ ලේකම් අතර දුරකතන සංවාදයක්

ජනපති සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අතර දුරකතන සංවාදයක්

by Staff writer 02-11-2018 | 5:10 PM
COLOMBO (News 1st) : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා සමග දුරකථන සංවාදයක නිරත වී තිබේ. ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ගිණුම පවසන්නේ නව අග්‍රාමාත්‍යවරයාගේ පත් කිරීම සම්බන්ධයෙන් එහිදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා දැනුවත් කළ බවයි. අදාළ පත් කිරීම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූලව සිදුකළ බවට ජනාධිපතිතුමා මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාට සහතික වී තිබේ.