COLOMBO (News 1st) : නව අමාත්‍යංශ ලේකම්වරුන් කිහිපදෙනෙක් අද ජනාධිපතිවරයා අතින් පත්වීම් ලබාගත්හ.
වාරිමාර්ග, ජලසම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් ලෙස එන්.ඒ සිසිර කුමාර මහතා පත්කර තිබේ.
සුනිල් හෙට්ටආරච්චි මහතා පත්කර ඇත්තේ නිපුණතා සහ වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසයි.
මේ අතර සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශයේ නව ලේකම් ලෙස දර්ශනා සේනානායක මහත්මිය පත්කර තිබේ.
