by Staff writer 02-11-2018 | 4:35 PM
COLOMBO (News 1st) : දිවයිනට ගිනිකොන දෙසින් වන බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ හෙට වනවිට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි අතර වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අනිද්දා සිට අපේක්ෂා කරන බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.
ගොඩබිම ප්‍රදේශවල ද ලබන 5 වන දා සිට වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් හා ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ, ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙසයි.