කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ දිවුරුම් දීම

LIVE UPDATE: තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ දිවුරුම් දීම

by Staff writer 01-11-2018 | 7:52 PM
COLOMBO (News 1st) තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙක් මේ මොහොතේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙති. ඒ අනුව මේ මොහොතේ දිවුරුම් දෙන නව අමාත්‍යවරුන් පහත පරිදි වේ. 1. දුමින්ද දිසානායක - වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය 2. දයාසිරි ජයසේකර - වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය 3. පියසේන ගමගේ - තරුණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය 4. ලක්ෂ්මන් සෙනෙවිරත්න - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය 5. එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 6. මොහාන් ලාල් ග්‍රේරු - අධ්‍යාපන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය 7. ශ්‍රියානි විජේවික්‍රම - පළාත් සභා හා පළාන් පාලන, ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය 8. අංගජන් රාමනාදන් - කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය 9. ඉන්දික බණ්ඩාරනායක - නිවාස හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 10. මනූෂ නානායක්කාර - කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය 11. සාරතී දුෂ්මන්ත - අධිකරණ හා බන්ධනාගාර නියෝජ්‍ය අමාත්‍ය 12. නිශාන්ත මුතුහෙට්ටිගම - වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය 13. කාදර් මස්තාන් - නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන නියෝජ්‍ය අමාත්‍ය රාජ්‍ය ආරක්ෂක හා නීතිය හා සාමය, තරුණ කටයුතු අමාත්‍ය ධූර ජනපති යටතට පත් වී තිබේ.