ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

by Staff writer 01-11-2018 | 6:35 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පස්වරු 7.00 ට රැස්වීමට නියමිත වේ.

ඒ, පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදීයි. නව අග්‍රාමාත්‍යවරයා පත්වීමෙන් පසු නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වන පළමු අවස්ථාව මෙයවීම විශේෂත්වයකි. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතා සඳහන් කළේ ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, මීට අමතරව පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු හා නව සංවිධායකයින් පත්කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මාධ්‍යම කාරක සභා රැස්වීමේදී අවධානය යොමු කිරීමට නියමිත බවයි.