මැදවච්චිය - තලෙයිමන්නාරම දුම්රිය ගමන් යළි ඇරඹේ

මැදවච්චිය - තලෙයිමන්නාරම දුම්රිය ගමන් යළි ඇරඹේ

by Staff writer 01-11-2018 | 10:00 AM

COLOMBO (News 1st) - මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය අද සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, අද එම දුම්රිය මාර්ගයේ පරීක්ෂණ චාරිකාවක් සිදු කිරීමට නියමිත බවය. අද පස්වරුව වන විට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය. පාලම් තුනක නඩත්තු කටයුතු හේතුවෙන් මැදවච්චිය සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය නතර කෙරුණේ පසුගිය අගෝස්තු මස 17 වන දායි. දෛනිකව කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම දක්වා සහ තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන්වාර 4 ක් ක්‍රියාත්මක වනු ඇත. මාර්ගය වසා දමා තිබූ කාලය තුළ මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා විශේෂ ලංගම බස්රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.