BREAKING :පාර්ලිමේන්තුවේ අගමැති පුටුව මහින්දට වෙන් කරයි

by Staff writer 01-11-2018 | 9:02 AM

COLOMBO (News 1st) -ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී සභා ගර්භයේ අග්‍රාමත්‍යවරයාට හිමි ආසනය මහින්ද රාජපක්ෂ මහතාට වෙන් කිරීමට පර්ලිමේන්තු නිලධාරීන් කටයුතු කරනු ඇති බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.

ඒ, මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම හේතුවෙනි. රජය නිකුත් කරන අලුත්ම ගැසට් නිවේදනය අනුව කටයුතු කිරීමට සෑම රාජ්‍ය සේවකයෙකුම බැඳි සිටිනු ඇත. ඒ අනුව යමින් පාර්ලිමේන්තුවේ නිලධාරී මණ්ඩලය විසින් ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ඇති බව ද කථානායක මාධ්‍ය ඒකකය පැවසුවේ ය. කෙසේ වෙතත් කථානායකවරයා අදාළ ක්‍රියාවලියට මැදිහත් නොවනු ඇති බව ද එම කාර්යාලය ප්‍රකාශ කර තිබේ.