ඉන්ධන මිල පහළට

ඉන්ධන මිල පහළට

by Staff writer 01-11-2018 | 8:19 PM
COLOMBO (News 1st) - ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශ්‍ය සඳහන් කළේ, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් පහත දමා ඇති බව ය. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 145කි. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් අඩු කර තිබේ. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 116 යි. මේ අතර ඉන්ධන මිල ගණන් තීරණය කිරීම සදහා මාසික ඉන්ධන මිල සූත්‍රය වෙනුවට පිරිවැය මත පදනම් වූ ප්‍රායෝගික මිල ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරෙන බව, මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ය.