"නීතිය උල්ලංඝනය කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නවා"

නීතිය උල්ලංඝනය කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නවා - සාගල රත්නායක

by Staff writer 01-11-2018 | 9:31 PM
COLOMBO (News 1st) - රාජ්‍ය නිලධාරීන් රටේ නීතියට හා ව්‍යවස්ථාවට ගරු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, හිතාමතා එම නීති රාමුව උල්ලංඝනය කිරීම දඬුවම් ලැබිය හැකි බරපතල වරදක් බව ය. නීති විරෝධී පත්වීම් ලබන නිලධාරීන්ගේ නියෝගවලට නීතිමය වලංගු භාවයක් නැතැයි පවසන සාගල රත්නායක මහතා පෙන්වා දෙන්නේ, අර්බුදය අවසන් වූ වහාම එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ය. අර්බුදය උත්තරීතර පාර්ලිමේන්තුවේදී විසඳා ගැනීමට සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂය පමණක් නොව රටේ සියලු දේශපාලන පක්ෂ ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇති බවත් සාගල රත්නායක මහතා පවසයි.