දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි: අකුණු අනතුරුවලින් ආරක්ෂාවන්නැයි උපදෙස්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි: අකුණු අනතුරුවලින් ආරක්ෂාවන්නැයි උපදෙස්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි: අකුණු අනතුරුවලින් ආරක්ෂාවන්නැයි උපදෙස්

කර්තෘ Staff writer

01 Nov, 2018 | 7:05 am

COLOMBO (News 1st) – හම්බන්තොට සිට මඩකලපුව දක්වා සහ මන්නාරම සිට පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ, අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි.

සුළං වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බවත්, සුළං වේගය පැයට කිලෝමීටර 70 – 80 ත් දක්වා ඉහළ යා හැකි බවත් එම නිවේදනයේ සඳහන් විය.

මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

දිවයිනට වයඹ සහ ගිණිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශවල වර්ධනය වී ඇති ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය ඉදිරි පැය කිහිපය තුළ ද සක්‍රීයව පවතිනු ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]