ජනපති ශ්‍රී.ල.නි.ප ආසන සංවිධායකවරු හමුවෙති

ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු හමුවෙති

by Staff writer 31-10-2018 | 5:01 PM

COLOMBO (News 1st) - වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් දැනුවත් කර ඇත.

ඒ, අද දහවල් ජනාධිපති මන්දිරයේදී ඔවුන් හමු වූ අවස්ථාවේදීයි. නව රජයේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් සිය පුර්ණ සහාය ලබාදීමට මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරු කැමැත්ත පළ කර තිබේ. ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සියලු සහයෝගය සක්‍රීයව ලබාදීමට කැප වන බවට ඔවුන් සහතික වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් රැසක් එම අවස්ථාවට එක් ව සිටියහ.