තවත් එ.ජා.ප. මන්ත්‍රීවරුන් පිරිසක් අමාත්‍ය ධූරවල දිවුරුම් දීමේ සූදානමක්

තවත් එ.ජා.ප. මන්ත්‍රීවරුන් පිරිසක් අමාත්‍ය ධූරවල දිවුරුම් දීමේ සූදානමක්

තවත් එ.ජා.ප. මන්ත්‍රීවරුන් පිරිසක් අමාත්‍ය ධූරවල දිවුරුම් දීමේ සූදානමක්

කර්තෘ Staff writer

31 Oct, 2018 | 6:38 am

COLOMBO (News 1st) – අද දිනයේත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අමාත්‍ය හා රාජ්‍ය අමාත්‍ය ධූරවල දිවුරුම් දීමට නියමිතව තිබේ.

මේ පිළිබඳව කළ විමසීමකදී රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, අද පෙරවරුවේ එම දිවුරුම් දීම සිදු වනු ඇති බව ය.

රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා ඊයේ රාත්‍රියේ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

පෙරේදා දිනයේ විජයදාස රාජපක්ෂ, ආනන්ද අලුත්ගමගේ, වසන්ත සේනානායක හා වඩුවේල් සුරේෂ් යන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කැබිනට් අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්හ.

ඒ අනුව මේ වන විට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට සහය පළ කර තිබේ.

පෙරේදා පත් වූ අමාත්‍යවරුන්ගෙන් සමන්විත නව කැබිනට් මණ්ඩලයේ පළමු හමුව ඊයේ පැවැත්වුණේ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

මේ අතර අමාත්‍යංශ 12ක් සඳහා නව ලේකම්වරුන් ද ඊයේ පස්වරුවේ පත් කෙරිණි.

නව ලේකම්වරු පහත පරිදි වේ.

1. හේමසිරි ප්‍රනාන්දු මහතා – ආරක්ෂක අමාත්‍යංශය

2. ඩී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා – මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය

3. ආර්.පී. ආරියසිංහ මහතා – විදේශ කටයුතු අමාත්‍යංශය

4. එල්.පී. ජයම්පති මහතා – වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය

5. කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා – කෘෂිකර්ම අමාත්‍යංශය

6. ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය

7. පද්මසිරි ජයමාන්න මහතා – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය

8. එච්.ටී. කමල් පද්මසිරි මහතා – පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යංශය

9. වී. සිවඥානසෝති මහතා – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය

10. එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය

11. එස්.එම්. මොහොමඩ් මහත්මිය – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය

12. එස්. හෙට්ටිආරච්චි මහතා – සංචාරක හා වනජීවී අමාත්‍යංශය

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]