ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Sakila Udayakumara

31 Oct, 2018 | 6:49 am

COLOMBO (News 1st) 

1. වත්මන් ආණ්ඩුවේ තනතුරු භාර නොගන්නා බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

2. දුනේෂ් ගන්කන්ද මහතා ඊයේ පස්වරුවේ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

3. කැබිනට් අමාත්‍යංශ 12ක් සඳහා නව ලේකම්වරු ඊයේ පස්වරුවේ පත් කෙරිණි.

4. ජනපතිගේ තීන්දුවට එරෙහිව එ.ජා.ප.ය වීදි බසියි

5. කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නැයි කථානායක කරු ජයසූරිය මහතා ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.

විදෙස් පුවත්

6. නවසීලන්තයේ උතුරු දූපතේ මැග්නිටියුඩ් ඒකක 6.2 ක ප්‍රබලත්වයෙන් යුතු භූ චලනයක් හටගෙන් තිබේ.

ක්‍රීඩා පුවත්

7. එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර දෙදින පුහුණු ක්‍රිකට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 392ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිට වූවේය .