කථානායක හා ජනපති අතර හමුවක්

ලබන 16 වැනි දාට පෙර පාර්ලිමේන්තුව කැඳවිය හැකි ද?

by Staff writer 31-10-2018 | 5:52 PM

COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කථානායක කරු ජයසූරිය මහතා අතර හමුවක් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් විණි.

අදාළ සාකච්ඡාව සඳහා කථානයක කරු ජයසූරිය මහතා ජනාධිපති කාර්යාලයට පැමිණියේ අද සවස 5.45 ට පමණයි. පැයකට අධික කාලයක් මෙම සාකච්ඡාව පවත්වා තිබේ. ලබන 16 වන දාට පෙර පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඉදිරිපත්වන ඉල්ලීම් පිළිබඳව මෙහිදී කථානායකවරයා ජනාධිපතිතුමාට කරුණු දක්වා ඇත. ජනාධිපතිතුමා කථානායකවරයාට දන්වා ඇත්තේ, මේ සම්බන්ධයෙන් කරුණු සලකා බලා ඉදිරියේදී තීරණයක් දැනුම් දෙන බවයි.