ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම පළමු ඉනිමට 392යි

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම පළමු ඉනිමට 392යි

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම පළමු ඉනිමට 392යි

කර්තෘ Staff writer

30 Oct, 2018 | 7:59 pm

COLOMBO (News 1st) – එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර දෙදින පුහුණු ක්‍රිකට් තරගය කොළඹ එන්.සී.සී ක්‍රීඩාංගණයේදී අද ආරම්භ විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 392ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිට වූවේය .

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ නායක ලහිරු තිරිමාන්න පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

ඒ අනුව ඉනිම ආරම්භ කළේ, ලහිරු තිරිමාන්න සහ කෞෂාල් සිල්වා.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 99ක සාර්ථක සබඳතාවක් ගොඩනැගූහ.

සිල්වා ලකුණු 62ක් රැස් කළේ 4 පහර 9ක්ද සමගිනි.

තිරිමාන්න ලකුණු 45යි.

සදීර සමරවික්‍රම 4 පහර 11ක් ද සමගින් ලකුණු 85ක් රැස් කළේ ය.

වේගවත් පිති හරඹයක නිරත වූ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 38කින් ලකුණු 45යි.

4 පහර 5කින් සහ 6 පහර 2කින් ඔහුගේ ඉනිම වර්ණවත් විය.

අශාන් ප්‍රියංජන් ලකුණු 50යි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]