ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Hashini De Mel

29 Oct, 2018 | 5:46 am

දේශිය පුවත්

1. නව ආණ්ඩුව හා අගමැති පත් කිරීම ව්‍යවස්ථානුකූලයි: දේශපාලන අර්බුද ආර්ථික අර්බුදයන් සහ තමා ඝාතනය කිරීම ප්‍රබල ක්‍රමන්ත්‍රණයක කරුණු හෙළිවීමත් සමග තමාට තිබු එකම විකල්පය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර ඔහු අගමැතිවරයා ලෙස පත් කර අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

2. හෙට රජයේ නිවාඩු දිනයක් නොවෙයි: අද දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

3. රොහාන් වැලිවිට අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් තනතුරට: රොහාන් වැලිවිට මහතා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස ඊයේ පස්වරුවේ පත්කර තිබේ.

4. තෙල් සංස්ථාවේ වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් මරුට: ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ මූලස්ථාන පරිශ්‍රයේ සිදුවු වෙඩි තැබීමෙන් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ තිදෙනාගෙන් එක් අයෙකු මියගොස් තිබේ.

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය සඳහන් කළේ, අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ බවයි.

5.කථානායකගෙන් ජනපතිට ලිපියක් !: කථානායක කරූ ජයසුරිය මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එහි දක්වා ඇත්තේ, පාර්ලිමේන්තු බහුතර මන්ත්‍රී පිරිසකගේ විශ්වාසය දිනාගත් පුද්ගලයා ස්ථාපිත වන තුරු රනිල් වික්‍රමසිංහ මහතාගේ වරප්‍රසාද ආරක්ෂා කර දෙන ලෙස තමන් වෙත ඉල්ලීමක් ලැබී ඇති බව කථානායකවරයා සිය ලිපියෙන් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත.

විදෙස් පුවත්

6. පිට්ස්බර්ග් නුවර දේවස්ථානයක වෙඩි තැබීමක්: අමෙරිකාවේ පෙන්සිල්වේනියාහි පිට්ස්බර්ග් නගරයේ දේවස්ථානයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

ඉන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 6 කි.