ඛනිජ තෙල් සේවකයින් හදිසි වැඩ වර්ජනයක

ඛනිජ තෙල් සේවකයින් හදිසි වැඩ වර්ජනයක

ඛනිජ තෙල් සේවකයින් හදිසි වැඩ වර්ජනයක

කර්තෘ Staff writer

29 Oct, 2018 | 5:56 am

COLOMBO (News 1st) – ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති කිහිපයක් හදිසි වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ, ඊයේ පස්වරුවේ ඛනිජ තෙල් සංස්ථාවේ ඇති වූ නොසන්සුන්තාවයෙන් සිය සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්වීමට විරෝධය පළ කරමිනි.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ උපසභාපති කේ. ජී. එස්. ප්‍රේමන්ත ගමගේ මහතා සඳහන් කළේ, නොසන්සුන්තාවයට හේතුවූ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගන්නා තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර නිව්ස්ෆස්ට් ඊයේ රාත්‍රියේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සංචාරය කර ඉන්ධන පිරවුම්හල්වල තත්ත්වය නිරීක්ෂණය කළේ ය.

කොළඹ නගරයේ ඉන්ධන පිරවුම්හල් කිහිපයක් නිරීක්ෂණය කිරීමේදී එහි සේවකයන් පැවසුවේ, සිය පිරවුම්හල්වල තිබෙන ඉන්ධන අවසන් වන තුරු ඉන්ධන ලබා දෙන බවයි.

වෙනත් දිනවලට වඩා දිගු පෝලිම් ද එහි දක්නට ලැබූ බව අප වාර්තාකරු පැවසුවේ ය.

මේ අතර මාතර නගරයේ ඉන්ධනහල් කිහිපයකම ඊයේ රාත්‍රියේ සාමාන්‍ය පරිදි ඉන්ධන නිකුත් කිරීම සිදු කර තිබේ.