කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙක් දිවුරුම් දෙති

කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙක් දිවුරුම් දෙති

කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙක් දිවුරුම් දෙති

කර්තෘ Staff writer

29 Oct, 2018 | 9:12 pm

COLOMBO (News 1st) : ජනාධිපති කාර්යාලයේදී නව කැබිනට් මණ්ඩලය අද රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදි දිවුරුම් දුන්නේ ය.

මුදල් හා ආර්ථීක කටයුතු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ද අද නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීම විශේෂත්වයකි.

ඔහු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසයි.

ඊයේ දිවයිනට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සහය පළ කළ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ජනාධිපතිවරයා ඉදිරියේ අද දිවුරුම් දුන්නේ සංචාරක හා වනජිවි අමාත්‍යවරයා ලෙසයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා දිවුරුම් දුන් අතර, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධූරය දැරූ නිමල් සිරිපාල ද සිල්වා මහතා යළිත් එම ධූරයේම දිවුරුම් දුන්නේ ය.

කෘෂිකර්ම අමාත්‍ය ධූරය දැරූ මහින්ද අමරවීර මහතා යළිත් එම ධූරයේම දිවුරුම් දුන් අතර, වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ලෙස මහින්ද සමරසිංහ මහතා දිවුරුම් දුන්නේ ය.

විදුලිබල හා පුර්ණජනනීය බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ රංජිත් සියඹලාපිටිය මහතායි.

ඔහු පසුගිය රජයේ ද එම අමාත්‍ය ධූරයේ කටයුතු කළේ ය.

විජිත් විජයමුණි සොයිසා මහතා ධීවර, ජලජ සම්පත් හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, ෆයිසර් මුස්තාපා මහතා පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස යළිත් දිවුරුම් දුන්නේ ය.

ඩග්ලස් දේවානන්ද මහතා නැවත පදිංචි කිරිම්, පුනරුත්ථාපන හා උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

ආරුමුගම් තොණ්ඩමන් මහතා උඩරට, නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

අද උදෑසන අරලියගහ මන්දිරයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බව කී වඩිවේල් සුරේෂ් මහතා අද රාත්‍රියේ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

රාජපක්ෂ මහතාට සහය පළ කළ ආනන්ද අලුත්ගමගේ මහතා අද දිවුරුම් දුන්නේ සංචාරක හා වනජිවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

කැබිනට් අමාත්‍යවරු 12ක්, රාජ්‍ය හා නි. අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

කැබිනට් අමාත්‍යවරු 12ක්, රාජ්‍ය හා නි. අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි… ඒ අතර UNP මන්ත්‍රීන් සිව් දෙනෙකු ත්…

Posted by Newsfirst.lk on Monday, October 29, 2018