නව අමාත්‍ය මණ්ඩලය හෙට දිවුරුම් දෙයි

නව අමාත්‍ය මණ්ඩලය හෙට දිවුරුම් දෙයි

නව අමාත්‍ය මණ්ඩලය හෙට දිවුරුම් දෙයි

කර්තෘ Hashini De Mel

28 Oct, 2018 | 6:41 am

COLOMBO (News 1st) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ පස්වරුවේ හමුවක් පැවැත් විය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති එම හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ද එක් ව සිටියහ.

එහිදී නව කැබිනට් මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු වී තිබේ.

ඒ අනුව හෙට කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ ය.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ඊයේ පස්වරුවේ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු විණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]