ජලාශ 8 ක වාන් දොරටු විවෘත කෙරේ

ජලාශ 8 ක වාන් දොරටු විවෘත කෙරේ

ජලාශ 8 ක වාන් දොරටු විවෘත කෙරේ

කර්තෘ Staff writer

28 Oct, 2018 | 7:36 am

COLOMBO (News 1st) – පවතින අධික වර්ෂාවත් සමග ජලාශ 8 ක වාන් දොරටු විවෘත කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, තබ්බෝව, රාජාංගනය, අංගමුව, වික්ටෝරියා, ලක්ෂපාන, දැදුරුඔය, කුකුළේගඟ සහ රන්දෙනිගල ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවයි.

මේ පිළිබඳව විමසිලිමත් වන්නැයි පහත් බිම්වල ජීවත් වන ජනතාවට දැනුම්දෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර නුවරඑළිය, නුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක වේ.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 – 150 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]