නව අගමැති හමුවීමෙන් පසු චීන තානාපති අරලියගහ මන්දිරයට

නව අගමැති හමුවීමෙන් පසු චීන තානාපති අරලියගහ මන්දිරයට

නව අගමැති හමුවීමෙන් පසු චීන තානාපති අරලියගහ මන්දිරයට

කර්තෘ Staff writer

27 Oct, 2018 | 8:41 pm

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ෂූවේ යුවාන් මහතා අද නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ද හමු විය.

චීන තානාපති චෙන් ෂූවේ යුවාන් මහතා ඇතුළු චීන තානාපති කාර්යාල නිලධාරීහු අද සවස 5.00ට පමණ විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍යවරයා රැඳී සිටින නිල නිවසට පැමිණියහ.

එහිදී තානාපතිවරයා විසින් චීන ජනාධිපති ෂී ජිං පිං මහතාගේ සුභාසිංශන නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමුවේ ය.

චීන තානාපතිවරයා ඇතුළු දූත පිරිස සවස 5.20ට පමණ පිටව ගියේ මහින්ද රාජපක්ෂ මහතා සමග සුහද පිළිසදරක ද නිරත වීමෙන් අනතුරුව ය.

අනතුරුව චීන තනාපති චෙන් ෂූවේ යුවාන් මහතා ඇතුළු චීන තානාපති කාර්යාල නිලධාරීහු සවස 6.40ට පමණ අරලියගහ මන්දිරයට පැමිණියහ.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා සමග ද චීන තානාපතිවරයා සාකච්ඡා පැවැත්වූ අතර ඔහු අරලියගහ මන්දිරයෙන් පිටව ගියේ පැයකට ආසන්න කාලයක් රැඳී සිටීමෙන් අනතුරුව ය.