ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Sakila Udayakumara

27 Oct, 2018 | 6:33 am

COLOMBO (News 1st) 

1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

2. ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කරයි.

3. රට තුළ සිදු වූ අනපේක්ෂිත දේශපාලන වාතාවරණය පිළිබඳව කථානායක කරු ජයසූරිය මහතා අවධානය යොමු කරයි.

4. ජාතික රූපවාහිනි සංස්ථාව ඉදිරිපිට ඊයේ රාත්‍රියේ නොසන්සුන් තත්ත්වයක් ඇති විය.

5. එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වෙයි.

6. ගිනිඅවි අතැතිව පැමි‍ණි කොල්ලකරුවන් තිදෙනෙකු මත්තේගොඩ ප්‍රදේ‍ශයේ රාජ‍්‍ය බැංකුවකින් මුදල් පැහැර ගෙන ගොස් තිබේ.

විදෙස් පුවත්

7. ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි ඇතුළු ප්‍රධාන පෙළේ විපක්ෂ නායකයින් කිහිප දෙනෙකු එරට පොලිස් භාරයට ගෙන තිබේ.

8. ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ වැඩිමහල් පුත්‍රයා වන සාලා සෞදිය අතහැර අමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා ගොස් තිබේ.