රියැදුරු පුහුණු පාසල්වල ඇති වාහනවලට නීතියක්

රියැදුරු පුහුණු පාසල්වල ප්‍රමිතියෙන් තොර වාහනවලට එරෙහිව දැඩි නීති

by Staff writer 26-10-2018 | 4:45 PM

COLOMBO (News 1st) - රියැදුරු පාසල්වල පුහුණුව සඳහා යොදා ගන්නා ප්‍රමිතියෙන් තොර වාහනවලට එරෙහිව ලබන වසරේ සිට නීතිය දැඩිව ක්‍රි‍යාත්මක කරන බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් සුනිල් ජයවීර මහතා සඳහන් කළේ, ලබන මාසයේ සිට සියලු රියැදුරු පුහුණු පාසල් විශේෂ පරීක්‍ෂාවකට ලක් කරන බවයි. එහිදී නිසි ප‍්‍රමිතියෙන් යුත් රියැදුරු පුහුණු පාසල් සහ වාහන හඳුනාගැනීම සඳහා ස්ටිකරයක් ඇලවීමට සුදානම් බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කළේ ය. ඒ අනුව ලබන වසරේ සිට එම ස්ටිකරය නොමැති වාහන රියැදුරු පුහුණුව සඳහා යොදා ගැනීම තහනම් වනු ඇති.