රවිගේ නිවස ආශ්‍රිතව ඩ්‍රෝන යානා යැවූ 3කට වැඩ වරදී

මන්ත්‍රී රවිගේ නිවස ආශ්‍රිතව ඩ්‍රෝන කැමරාවක් යැවීම ගැන ප්‍රශ්න කිරීමට 3 දෙනෙකු පොලීසියට කැඳවයි

by Staff writer 26-10-2018 | 12:30 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවස හා ඒ අවට ප්‍රදේශය ඩ්‍රෝන කැමරාවක ආධාරයෙන් වීඩියෝ කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පුද්ගලයින් 3 දෙනෙකු තලංගම පොලීසියට කැඳවා තිබේ. පොලීසිය සඳහන් කළේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ව්‍යාපෘතියකට අදාළව මෙම වීඩියෝ කිරීම සිදු කර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිව ඇති බව ය. එහෙත් ඔවුන් ඒ සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අවසරයක් ලබා ගෙන නොමැත. එවැනි වීඩියෝ කිරීමක් කරන බවට ඔවුන් තමුන්ට හෝ දැනුම් දීමක් කර නැතැයි පොලීසිය සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා ඇත්තේ, වන සංරක්ෂණ නිලධාරියෙකු, ඩ්‍රෝන යානා හිමිකරු සහ ක්‍රියාකරු ය.