නාමල් කුමාරගේ හෙළිදරව්වට සම්බන්ධව 89 කගෙන් ප්‍රකාශ

ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන පොලීසිය 89 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගනී

by Staff writer 26-10-2018 | 5:17 PM

COLOMBO (News 1st) - ජනාධිපතිතුමා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් පැවති බවට දූෂණ විරෝධි බලකායේ නාමල් කුමාර නැමැත්තා කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 89 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ බව සඳහන් කළේ, කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ඔහු පැවසූවේ, ප්‍රකාශ ලබා ගත් පිරිස අතර නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුළු පොලීසියේ 47 දෙනෙකු ද වන බවය. මේ අතර අදාළ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් චෝදනා ලැබූ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා දින 05 ක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊයේ අත්අඩංගුවට ගෙන ලබන 07 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.