අලි රොෂාන් ඇතුළු 7 දෙනෙකුට අධිචෝදනා ගොනු කෙරේ

අලි රොෂාන් ඇතුළු 7 දෙනෙකුට විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කෙරේ

by Staff writer 26-10-2018 | 1:47 PM
COLOMBO (News 1st) - බලපත්‍ර නොමැතිව නීති වීරෝධී අන්දමින් අලි ඇතුන් 4 දෙනෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු අධිචෝදනා 24ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් වන නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තා ඇතුළු 7 දෙනෙකුට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද අධිචෝදනා භාර දීම සිදු කළේ ය. අනතුරුව විත්තිකරුවන් 7 දෙනා මුදාහැරුණේ රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 25ක ශරීරි ඇප දෙක බැගින් නියම කරමිනි. සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට නියෝග කළේ, ඇප ලබා ගැනීමෙන් පසුව සෑම මසකම අවසන් ඉරු දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ය. විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔවුන් විදේශගත වීම වළක්වමින් නියෝගයක් ද නිකුත් කළේ ය. නඩුව නොවැම්බර් 8 වන දා යළි කැඳවීමට නියමිත ය.