මත්තෙගොඩ රාජ්‍ය බැංකුවක මුදල් කොල්ලයක්

මත්තෙගොඩ රාජ්‍ය බැංකුවක මුදල් කොල්ලයක්

by Staff writer 26-10-2018 | 5:31 PM

COLOMBO (News 1st) - ගිනි අවි අතැතිව පැමි‍ණි කොල්ලකරුවන් තිදෙනෙකු මත්තෙගොඩ ප්‍රදේ‍ශයේ රාජ‍්‍ය බැංකුවකින් මුදල් පැහැර ගෙන ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අද පස්වරු 3.30 ට පම‍‍ණ මෝටර් ර‍‍‍ථයකින් පැමි‍ණි තිදෙනෙකු මෙම මුදල් කොල්ල කා ඇති බවයි. ‍‍ඔවුන් පැහැරගත් මුදල් ප්‍රමාණය මෙතෙක් හෙළිවී නොමැත. පළාගිය සැකකරුවන් සොයා මත්තෙගොඩ පොලීසිය මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.