English
தமிழ்
කර්තෘ Staff writer
26 Oct, 2018 | 6:01 pm
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශය සඳහන් කළේ, නාච්චාදූව, රාජාංගනය, මව්ආර, තිසාවැව හා වෙහෙරගල ජලාශවල වාන් දොරටු මේ වනවිට විවෘත කර ඇති බවයි.
මීට අමතරව දැදුරු ඔය, නාලන්ද, තම්බෝව, මැඩියාව, මාගල්ල දම්බරාව හා අඹේවෙල යන ජලාශවල වාන් දොරටු ද මේ වනවිට විවෘත කර ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
මේ අතර මහවැලි අධිකාරිය සඳහන් කළේ, පෙරේදා විවෘත වූ වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රිය වාන් දොරටු දෙක මේ වනවිට වැසී ඇති බවයි.
කෙසේ වෙතත් ජලාශය උපරිම ධාරිතාවට ආසන්න වී ඇති බව ද මහවැලි අධිකාරිය ප්‍රකාශ කළේ ය.
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් ද අද පස්වරුවේ විවෘත කෙරුණි.
මහවැලි අධිකාරිය පැවසුවේ, රන්දෙනිගල, රන්ටැඹේ හා උඩවලව ජලාශ ද උපරිම ධාරිතාවට ආසන්න වී ඇති බවයි.
මේ අතර නාය යෑමේ අනතුරු ඇඟවීම් පිළිබඳ දිස්ත්‍රික්ක 4 කට නිකුත් කළ කහ නිවේදනය, හෙට පස්වරු 4.00 දක්වා දීර්ඝ කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ ඒකකයේ වැඩබලන අධ්යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ, මාතලේ, නුවරඑළිය, බදුල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවලට එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බවයි.
මේ අතර මධ්‍යම, සබරගමුව, ඌව හා නැගෙනහිර පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් අද රාත්‍රියේත් මිලිමීටර් 100 ක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පවතින තද වැසි තත්ත්වය ඉදිරි දිනවලත් අපේක්ෂා කරන බවයි.
06 Dec, 2019 | 09:50 AM
26 Sep, 2019 | 07:43 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS