ජමාල් ඛෂෝගිගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි

ජමාල් ඛෂෝගිගේ වැඩිමහල් පුතු සෞදිය අතහැර යයි

by Staff writer 26-10-2018 | 10:53 AM
(News 1st) - ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ වැඩිමහල් පුත්‍රයා වන සාලා සෞදිය අතහැර අමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා ගොස් තිබේ. ඔහු සිය පවුලේ සාමාජිකයින් ද සමග වොෂින්ටන් නුවර බලා පිටත්ව ගොස් ඇති බව විදෙස් වාර්තා අනාවරණය කළේ ය. සාලා, අමෙරිකානු හා සෞදි ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකි. ඝාතන සිද්ධියට පෙර, සෞදි රජය ඛෂෝගි පවුලට සංචාරක තහනමක් පනවා තිබූ අතර මානව හිමිකම් සංවිධානයක් අනාවරණය කළේ එම තහනම ඉවත් කිරීමත් සමග ඔවුන් වොෂින්ටන් බලා පිටත්ව ගොස් ඇති බව ය.