by Sagarika Chathumali 25-10-2018 | 4:47 PM
COLOMBO (News 1st) : මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි සැකකරුවෙකු හම්බන්තොට ප්‍රදේශයේ ග්‍රාමීය බැංකුවක් කොල්ල කා මුදල් පැහැර ගෙන ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, සැකකරු රුපියල් හාර ලක්ෂ හැට දහසක පමණ මුදලක් පැහැර ගෙන ගොස් ඇති බවයි.
අද පස්වරු 2.45 ට පමණ ගිනි අවියක් රැගෙන පැමිණ ඇති සැකකරු එම බැංකුවේ සැකකරු මුදල් අයකැමිවරිය බිය ගන්වා මෙම මුදල් පැහැර ගෙන ගොස් ඇති බව පොලීසිය පැවසී ය.
පොලීසිය පැවසුවේ, අයකැමිවරිය පැළඳ සිටි රන් මාලය ද සැකකරු විසින් පැහැරගනු ලැබ ඇති බවයි.