වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 600 ක් දක්වා ඉහළට

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 600 ක් දක්වා ඉහළ දැමේ

by Staff writer 25-10-2018 | 1:12 PM

COLOMBO (News 1st) - වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 600 ක් දක්වා වැඩි කිරීමට වතු හාම්පුතුන්ගේ සංගමය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, ඒ අනුව මූලික වැටුප 20% කින් වැඩි කිරීමට අවසන් තීරණය ගෙන ඇති බවයි. එම තීරණයක් සමග වතු කම්කරුවෙකුගේ මූලික දෛනික වැටුප රුපියල් 600 දක්වා ඉහළ යනු ඇති. මේ දක්වා වතු කම්කරුවෙකුගේ මුලික දෛනික වැටුප පැවතියේ රුපියල් 500 ක් ලෙසයි. ඒ අනුව සියලු දීමනා සහිතව වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 805 සිට රුපියල් 940 ක් දක්වා වැඩිවන බව වතු හාම්පුතුන්ගේ සංගමයේ සභාපති සුනිල් බෝහැලිඅත්ත මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.