ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

පොලිස් කොමිසමට නව සාමාජිකයින් පත් කිරීමට ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

by Staff writer 25-10-2018 | 7:21 AM

COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරු 1.30 ට රැස්වීමට නියමිත වේ.

ඒ, කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. මෙහිදී ජාතික පොලිස් කොමිසම සඳහා නව සාමාජිකයින් පත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇත. මේ අතර ජාතික පොලිස් කොමිසමේ හිටපු සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් පෙරේදා කථානායක කරූ ජයසූරිය මහතා හමුවිණි. ඔවුන්ගේ සේවය ඇගයීමට ලක් කරමින් එහිදී කථානායකවරයා පොලිස් කොමිසමේ ප්‍රශ්න හා අභියෝග පිළිබඳව ද කරුණු විමසා තිබේ.