තව ත් බන්ධනාගාර තුනකට ලබන ඉරිදා සිට STF ආරක්ෂාව

by Staff writer 25-10-2018 | 12:00 PM

COLOMBO (News 1st) - තව ත් බන්ධනාගාර තුනකට ලබන ඉරිදා සිට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යෙදවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය හා මැගසින් බන්ධනාගාරය සඳහා විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යෙදවෙනු ඇති. පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු පැවසුවේ, සිය සාමාජිකයින් අදාළ බන්ධනාගාර පිටත සිට එහි ආරක්ෂක විධිවිධාන තර කරන බවයි. මේ යටතේ බන්ධනාගාර රැඳවියන් බැලීමට පැමිණෙන පුද්ගලයින් විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට මෙන්ම බන්ධනාගාර පුවරෙන් එපිට ප්‍රදේශවල සිට බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ලබාදීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ වනවිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.