ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 25-10-2018 | 6:10 AM

දේශීය පුවත්

1. 2019 වසරේ සංචාරයට හොඳ ම රට ශ්‍රී ලංකාව: 2019 වසර වනවිට සංචාරය සඳහා ලොව හොඳම රටවල් අතර පළමු තැන ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ලෝන්ලි ප්ලැනට් නෙමැති සංචාරක උපදේශන ග්‍රන්ථ ප්‍රකාශන ආයතනය මේ බව අනාවරණය කළේ ය. 2. ශ්‍රීලංකන් යානයක් මත්තලට ගොඩ බස්වයි: පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළට ගොඩ බැස්සවීමට නියමිත තිබු ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් යානයක් මත්තල ගුවන්තොටුපොළට ගොඩ බස්සවා තිබේ. 3. උතුරු පළාත් මහ ඇමතිගෙන් නව පක්ෂයක්: දෙමළ ජනතා පෙරමුණ නමින් නව පක්ෂයක් ආරම්භ කරන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී. විග්නේෂ්වරන් මහතා පවසයි. නල්ලූර් ප්‍රදේශයේ පැවති උත්සවයකදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. 4. නාවික හමුදා කමාන්ඩර් කේ.ඒ. දයානන්ද රිමාන්ඩ්: CID අත්අඩංගුවට පත්, නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් කේ.ඒ දයානන්ද මහතා අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. 5. අග්නිදිග සරසවිය දින නියමයක් නොමැතිව වසා දැමේ: අග්නිදිග විශ්වවිද්‍යාලයේ සියලු පීඨ ඊයේ පස්වරු 4 සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර තිබේ. එහි ලේඛකාධිකාරී අබ්දුල් සතාර් මහතා සඳහන් කළේ, විශ්වවිද්‍යාලයේ සිසුන් 19 දෙනෙකුගේ පන්ති තහනමකට එරෙහිව ඔවුන් පරිපාලන ගොඩනැගිල්ල සිය භාරයට ගෙන අඛණ්ඩව විරෝධය පළ කිරීම හේතුවෙන් මේ පියවර ගත් බවයි.

විදෙස් පුවත්

6. CNN කාර්යාලයටත් පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එයි: අමරිකාවේ නිව්යෝක් නුවර ටයිම් වෝනර් මධ්‍යස්ථානයේ පිහිටි CNN කාර්යාලයටත් පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් ලැබී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඒ සමගම එහි කාර්ය මණ්ඩලය ඉවත් කර ඇති බවයි.

ක්‍රීඩා පුවත්

7. ඉන්දීය නායක කෝලිගෙන් ලෝක වාර්තාවක්: ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි අඩුම එක්දින ඉනිම සංඛ්‍යාවකින් ලකුණු දස දහසේ සීමාව පසු කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් විය.