උදුම්බරා අද සිට දිවයින පුරා සිනමා ශාලාවල...

උදුම්බරා අද සිට දිවයින පුරා සිනමා ශාලාවල...

by Staff writer 25-10-2018 | 10:33 PM
COLOMBO (News 1st) : ලෝක සිතියමේ ශ්‍රී ලංකා නාමය රනින් බබළවන්නට වෙර දරන මලල ක්‍රීඩා ශුරිය උදුම්බරාගේ කතාව ඇතුළත් නවතම සිනමා පටය අද සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වේ. MTV නිෂ්පාදනයක් වන උදුම්බරා සිනමා පටයේ මංගල දර්ශනය අද පැවැත්වුණේ වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදීයි. ශ්‍රී ලාංකික පදක්කම් ලාභී මලල ක්‍රීඩිකා නදීශානී ඇන්ඩර්සන් මෙහි උදුම්බරාගේ චරිතය නිරූපණය කිරීම විශේෂත්වයකි. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී, ජයනි සේනානායක, සරත් කොතලාවල, , හර්ෂි රසංගා ඇතුළු නළු නිළියෝ රැසක් ඊට රංගන දායක වී සිටිති. පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ සිනමා ආගමනය සිදුවන්නේ ද උදුම්බරා සිනමා පටයෙන් වීම විශේෂත්වයකි. අද උදුම්බරා සිනමා පටයේ මංගල දර්ශනයට, කලාකරුවෝ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. අධ්‍යක්ෂණය - K.S. චමත්රාජ් නිෂ්පාදනය - MTV බෙදා හැරීම - M Entertainment