'අයිස්' මත්ද්‍රව්‍ය ජාවාරම් කළ දෙදෙනෙකු කොටුවෙති

'අයිස්' මත්ද්‍රව්‍ය ජාවාරක නිරත සැකකරුවන් දෙදෙනෙකු පෑලියගොඩදී කොටුවෙති

by Staff writer 25-10-2018 | 12:32 PM

COLOMBO (News 1st) - අයිස් නැමති මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු පෑලියගොඩ දුටුගැමුණු මාවත ප්‍රදේශයේදී අත්අඩංගුට ගෙන තිබේ.

ඒ, බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් කළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් 25 හා 28 හැවිරිදි වියේ පසුවන්නන් ය. ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.