JUST IN :'කළු ඇඳුම් සටන' වතු කම්කරු විරෝධතාව අවසන්

JUST IN :ගාලු මුවදොර පිටියේ 'කළු ඇඳුම් සටන' වතු කම්කරු විරෝධතාව අවසන්...

by Staff writer 24-10-2018 | 5:00 PM
COLOMBO (News 1st) : වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 ක් දක්වා ඉහළ නංවන්නැයි ඉල්ලා කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති විරෝධතාව අවසන් වූ බව අප වාර්තාකරුවෝ පවසති. නමුත් විරෝධතාවයේ නිරත තවත් පිරිසක් තවදුරටත් ගාලු මුවදොර පිටියේ රැඳී සිටින බව ද අප වාර්තාකරුවෝ සඳහන් කළහ. එම විරෝධතාව නම් කර තිබුණේ 'කළු ඇඳුම් සටන' ලෙසයි. කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවකින් වතු කම්කරුවන්ට සහයෝගය දැක්වීම සඳහා විශාල පිරිසක් ඊට එක්ව සිටියහ. මෙම විරෝධතාවයේ විශේෂත්වය වූයේ, මහජනතාවට සහ ඔවුන්ගේ දෛනික කටයුතුවලට බාධාවක් නොවන ලෙස විරෝධතාව සංවිධානය කර තිබීමයි. කිසිදු දේශපාලන පක්ෂයක නියෝජිතයින්ට මෙම විරෝධතාවට සම්බන්ධවීමට විරෝධතාවයේ නිරත වූ තරුණ පිරිස ඉඩ ලබාදුන්නේ නොදුන්හ. සෑම දෙනා ම කළු ඇදුමින් සැරසී විරෝධතාවට එක්ව සිටිම විශේෂත්වයකි.