වතු කම්කරුවන් ගාලු මුවදොර පිටියේ විරෝධතාවක

වතු කම්කරුවන් ගාලු මුවදොර පිටියේ විරෝධතාවක

by Staff writer 24-10-2018 | 11:40 AM
COLOMBO (News 1st) - වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ නංවන්නැයි ඉල්ලා මේ වන විට කොළඹ ගාලු මුවදොර පිටියේදී විරෝධතාවක් පැවැත්වේ. කළු ඇඳුම් සටන ලෙස මෙම විරෝධතාව නම් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය. කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවකින් වතු කම්කරුවන්ට සහයෝගය දැක්වීම සඳහා පැමිණි පිරිසක් විරෝධතාවට එක්ව සිටිති. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වීම පිළිබඳ ඒකාබද්ධ ගිවිසුම මේ වන විට කල් ඉකුත් වී තිබේ. නව ගිවිසුමට එළැඹීම සඳහා පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුව අද මෙම විරෝධතාව පැවැත්වේ. විරෝධතාවට එක්වූවන් ප්‍රකාශ කළේ, වතු කම්කරුවන්ගේ මූලික දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ දමන ලෙස ය.