by Staff writer 24-10-2018 | 3:58 PM
COLOMBO (News 1st) : CID අත්අඩංගුවට පත්, නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් කේ.ඒ දයානන්ද මහතා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ, සැකකාර නාවික හමුදා නිලධාරියා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේ.සී.ඒ සමරදිවාකර මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ, 2009 වසරේදී දෙමටගොඩදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඔවුන් ගමන් ගමන් කළ වෑන් රථයක සමග පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.