ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 24-10-2018 | 6:54 AM
COLOMBO (News 1st) 1. මහජන බැංකුවේ නව සභාපතිවරිය ලෙස සුජාතා කුරේ මහත්මිය පත් කර තිබේ. 2. වැටුප් වැඩි කරනු, ETF කොල්ලය වහා නවතනු ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ ඊයේ පස්වරුවේ කොළඹදී විරෝධතා පා ගමනක් පැවැත්විය. 3. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම, ව්‍යපාරික නන්දන ලොකුවිතාන, නීතිපතිවරයා, කැබිනට් මණ්ඩලය ඇතුළු 52 දෙනෙකුට ලබන දෙසැම්බර් 07 වන දා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඊයේ නොතීසි නිකුත් කර තිබේ. 4. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණයට අදාළව අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හිරිහැර සිදු වන බව පවසමින් ඊයේ අධිකරණයට ලිඛිත ප්‍රකාශයක් ලබා දුන්නේ ය. 5. නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසන් කරනු ලැබී ය. විදෙස් පුවත් 6. මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ සිරුරු කොටස් තුර්කියේ සෞදි අරාබි කොන්සල් ජනරාල්වරයාගේ ගෙවත්තේ තිබී හමුවී තිබේ. ක්‍රීඩා පුවත් 7. එංගලන්තය සමග පැවති 5 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 219කින් ජය ගත්තේ ය.