උතුරු පළාත් මහ ඇමතිගෙන් නව පක්ෂයක්

උතුරු පළාත් මහ ඇමතිගෙන් නව පක්ෂයක්

by Staff writer 24-10-2018 | 6:22 PM
COLOMBO (News st) : දෙමළ ජනතා පෙරමුණ නමින් නව පක්ෂයක් ආරම්භ කරන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී. විග්නේෂ්වරන් මහතා පවසයි. අද පෙරවරුවේ නල්ලූර් ප්‍රදේශයේ පැවති උත්සවයකදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. දෙමළ ජනතා කවුන්සිලය මෙම උත්සවය සංවිධානය කර තිබිණ. සි.වී. විග්නේෂ්වරන් මහතා සඳහන් කළේ, නව පක්ෂය දෙමළ ජනතා කවුන්සිලයේ සහයෝගය ඇතිව ඉදිරි දේශපාලන කටයුතුවල නිරත වනු ඇති බවයි.