by Staff writer 24-10-2018 | 6:54 PM
COLOMBO (News 1st) : අද සිට අනිද්දා දක්වා තද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකි පියුමලී දිසානායක මෙනවිය සඳහන් කළේ, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත්, කළුතර , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමිටර් 100 - 150 ත් අතර ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි.
කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ , සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද ඇය සඳහන් කළා ය.
පවතින වර්ෂාවත් සමග නායයාම් ලක්ෂණ පිළිබඳව ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය.
මේ අතර බගවන්තලාව, ප්‍රදේශයේ තේ දළු නෙළමින් සිටි කාන්තාවන් පස් දෙනෙකු අසල පිහිටි විදුලි රැහැනකට වැදුණු අකුණකින් ඇති වූ කම්පයෙන් රෝහල්ගත කර තිබේ.
බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ අද පස්වරු 1 ට පමණ මොවුන් මෙම අනතුරට ලක්ව ඇති බවයි.
ඔවුන් තත්ත්වය බරපතළ නොවන බව ද වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ ය.
මේ අතර අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
රාජාංගනය ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහල ජල ධාර ප්‍රදේශවල ජනතාව සැලකිලිමත් විය යුතු බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය.