ශ්‍රීලංකන් යානයක් මත්තලට ගොඩ බස්වයි

ශ්‍රීලංකන් යානයක් මත්තලට ගොඩ බස්වයි

by Staff writer 24-10-2018 | 9:01 PM
COLOMBO (News 1st) : පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළට ගොඩ බැස්සවීමට නියමිත තිබු ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් යානයක් මත්තල ගුවන්තොටුපොළට ගොඩ බස්සවා තිබේ. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, එය තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණ ඇති බවයි. යූ එල් 405 දරණ එම ගුවන් යානය මත්තල ගුවන්තොටුපොළට ගොඩබස්වා ඇත්තේ පස්වරු 6.30 ට පමණ වන අතර කාලගුණික තත්ත්වය යහපත් වූ පසු එය යළිත් කටුනායක බලා පියාසර කළ බව දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ ය.