DIG නාලක ද සිල්වා සිව්වන දිනට ත් CID ය හමුවට

DIG නාලක ද සිල්වා සිව්වන දිනට ත් CID ය හමුවට

by Staff writer 23-10-2018 | 7:28 AM

COLOMBO (News 1st) - වැඩ තහනමට ලක් ව සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද හතරවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඊයේ පැය 11 ක කාලයක් ප්‍රශ්න කළ බවයි. ඊයේ පෙරවරු 9.30 ට පමණ නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ඔහු ඉන් පිටව ගියේ රාත්‍රී 8.30 ට පමණය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා කළ හෙළිදරව්වට අදාළව ආරම්භ කර ඇති විමර්ශනයට අනුව මෙම කැඳවීම කර ඇත.