"ශ්‍රී ලංකාවේ 2019 අයවැය ශක්තිමත් විය යුතුයි"

ශ්‍රී ලංකාවේ ණය බර අඩු කර ගැනීමට 2019 අයවැය ශක්තිමත් විය යුතුයි - IMF මෙහෙයුම් ප්‍රධානී

by Staff writer 23-10-2018 | 10:11 PM
(News 1st) - මෙරට ආර්ථික සංවර්ධනය ඇති කර ගැනීම සඳහා 2019 අයවැය ඉතාමත් ශක්තිමත් විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ඩේලි එෆ් ටී පුවත්පත වෙත අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී මැනුවෙලා ගොරේටී පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ ණය තවදුරටත් අඩු කර ගැනීමට සහ ආයෝජකයින් අතර වැඩි විශ්වාසය ඇති කිරීමට 2019 අයවැය ශක්තිමත් විය යුතු බව ය. මෙරට ආර්ථිකයට ඇති වන බලපෑම්වලට මුහුණ පෑම සඳහා ඇති හැකියාව ශක්තිමත් කර ගැනීම සඳහා උපරිමයෙන් කැප කිරීම් කළ යුතු බව ද තවදුරටත් ඇය සඳහන් කළා ය.