ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ජ.වි.පෙ වීදි බසියි

වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජ.වි.පෙ කොළඹට

by Staff writer 23-10-2018 | 7:28 PM
COLOMBO (News 1st) - වැටුප් වැඩි කරනු, ETF කොල්ලය වහා නවතනු ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද පස්වරුවේ කොළඹදී විරෝධතා පා ගමනක් පැවැත්විය. වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටින් ගමන් ආරම්භ කළ විරෝධතාකරුවෝ මරදාන ටෙක්නිකල් හන්දිය හරහා විරෝධතා පා ගමනකින් කොළඹ කොටුවට පැමිණියහ. අප වාර්තාකරු පැවසුවේ, මේ හේතුවෙන් පුංචි බොරැල්ල, කුලරත්න මාවත, ආනන්ද මාවත ඇතුළු මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක් පැවතුන බව ය. ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ එම පක්ෂයේ නායකයින් රැසක් විරෝධතාවට එක්ව සිටියහ. කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණි ඔවුහු පසුව පැමිණ සිටි ජනතාව ඇමතූහ.