රුපියල තවදුරටත් බාල්දු වෙයි

රුපියල තවදුරටත් බාල්දු වෙයි

by Staff writer 23-10-2018 | 1:28 PM

COLOMBO (News 1st) - අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.

අමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල අද සටහන් වුණේ රුපියල් 174.12 ක් ලෙසයි. ශ්‍රී ලංකා මහ බැංකුව අද ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාතිකයන් අනුව බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රුපියල් 227.04 ක් ලෙස දැක්විණි. යුරෝ එකක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 200.89 ක් ලෙසයි.